සිංහල භාෂාව බහුවරණ ප්‍රශ්ණ පත්‍රය
2020 (O/L)
Key Verified
MCQ School
වැදගත් උපදෙස්
-
ප්‍රශ්න පත්‍රය හුවමාරු කිරීමෙන් හෝ Devices
කිහිපයකින් භාවිතා කිරිමෙන් ඔබගේ ප්‍රශ්න පත්‍රයට පිවිසීම අවහිර වනු ඇත.
-
ඔබ මුදල් ගෙවා ලබාගත් මෙම ප්‍රශ්න පත්‍රය අන්සතු
කිරීමෙන් වලකින්න.
-
ඔබගේ පුද්ගලික තොරතුරු
ඉහලින් දිස්වන බැවින් ප්‍රශ්න පත්‍රය අන් අය සමග හුවමාරු කලහොත් ඔබගේ පුද්ගලික
තොරතුරුද ඒ සමග හුවමාරු වන බැවින් එම තොරතුරු ඔවුන් අතට පත්වේ. එබැවින් කිසිමවිටක
ප්‍රශ්න පත්‍රය වෙනත් අය සමග හුවමාරු කරගැනීමෙන් වලකින්න.
පිළීතුරු ලිවීමට උපදෙස්
-
එක්වරක් පිළිතුර තේරූ පසු යලි එම පිලිතුර වෙනස් කල
නොහැක.
-
නියමිත කාලයට පෙර ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපවුයේ නම්
Get your score මත ටච් කරන්න.
-
නියමිත කාලය ගෙවී ගිය පසු ඔබගේ ලකුණු ස්වයංක්‍රියාව
දිස්වනු ඇත.
-
ඔබට නැවත පිළිතුරු ලිවීමට අවශ්‍යය නම් Retake
Paper යන්න මත ටච් කරන්න.
-
ප්‍රශ්ණ අංක පිළිවෙලට පිළිතුරු සැපයීම අවශ්‍යය නොවේ.
Sharing this file is prohibited. Your personal
information is visible and sharing may lead to your account being blocked.
අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය
තෝරන්න.
01. මුළු රට ම දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඇවිළී ගියේ ය.
02. රෝගියා ජීවත් වූයේ වළ පයක් ගොඩ පයක් තබා ගෙන ය.
03. කමල් සහ නිමල් කටයුතු කළේ නයින් පොළඟුන් සේ ය.
අංක 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
04. තමා අතින් වරදක් සිදු වූ අවස්ථාවක වඩාත් යෝග්‍ය වනුයේ ස්වයං ..................... යෙදීම ය.
05. ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකුගේ වැදගත් ලක්ෂණයක් වන්නේ ..................... භාෂාවක් භාවිත කිරීම යි.
06. ලබන සතියේ කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යඥයා ........................ යෙදෙයි.
07. සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.
08. 'කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචනවල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය
තෝරන්න.
09. 'ධනපති' යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,
10. අකාරාදී පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.
11. අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
12. "කුරුල්ලෝ සන්ධ්‍යා කාලයේ අහසෙහි පියාසර කරති." යන වාක්‍යයේ 'අහසෙහි' යන්නෙහි විභක්තිය කුමක් ද?
13. 'නවනිවෙස' යන්න අර්ථවත් වන්නේ,
14. 'සංවත්සර * ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක් වූ විට සකස් වන පදය නිවැරදි ව දක්වෙන වරණය තෝරන්න.
15. මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න.
16. මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක්ද?
අංක 17 සිට 19 තෙක් ප්‍රශ්නවල තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වරණය
තෝරන්න.
17. සෝදාහරණ ව කරුණු දක්වන්න.
18. එය වෘත්තාභිමුඛ පාඨමාලාවකි.
19. විජයාගමනය ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීමකි.
20. දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.
21.එක් එක් පද පේළියේ දක්වා ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරණය තෝරන්න.
22. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.
23. විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.
24. වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.
25. පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමකින් යුක්ත, අර්ථාන්විත වාක්‍යය තෝරන්න.
අංක 26,27 ප්‍රශ්න යටතේ දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
26. යමක් කියනවාට වඩා ක්‍රියාත්මක කිරීමේ දී වෙනස් වන බව
27. ඉතා කැමති දෙයක් අකමැති සේ ඇඟවීම
28. ස්වරාදේශ සන්ධියට හා ආගම සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
අංක 29, 30 යටතේ දක්වා ඇති ප්‍රශ්නවල ව්‍යාකරණානුකූල ව නිවැරදි වාක්‍යය තෝරන්න.
29.
30.
31.
- මම ඒ කණුව බිම පතිත වන .......................... බලා සිටිමි.
- රට, ජාතිය, ආගම ............................... වැඩ කිරීම මැනවි.
- එකී පාඨමාලාව ............................... ශිෂ්‍යයෝ ලියාපදිංචි කර ගැනෙති.
- පරාක්‍රමබාහු රජතුමා සිංහයකු ............................... නිර්භීත ය.
ඉහත වාක්‍යවල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය නිපාත පද අනුපිළිවෙළ කුමක් ද?
32. පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැර වූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
"ඒකි ළිඳ ගාව උන්න"
33. පහත සඳහන් කවි දෙපදයේ අර්ථය නිවැරදි ව දාක්වෙන වරණය තෝරන්න.
"පතසන් අවරගිර නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල"
34. 'ප්‍රබුද්ධ' කාව්‍ය ග්‍රන්ථයේ රචකයා වන්නේ
35. පහත සඳහන් කවියේ හතර වන පදය දැක්වෙන වරණය තෝරන්න.
"රෑ තිස් පැයේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස
පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
........................................................................
36.
"දත් දෙපළ සිහින් ය. දීප්තිමත් ය. කපා ඔප මට්ටම් කරන ලද හෙයින් විදුරුමිණි දෙපළක් මෙන් සිලිටු ය."
ඉහත පාඨයේ තද කළු අකුරින් මුද්‍රිත කොටස
37. අසඩක්, නටාලියා, සයිමන් යන චරිත අන්තර්ගත වන නාට්‍යය කුමක් ද?
38.
"පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවේ පෙරළී ඇත
මිදුල පුරා වියළුණු කොළ
ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස් ය.
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලකු උඩු බුරනු ඇසේ"
ඉහත සඳහන් පද්‍යයෙන් කියැවෙන්නේ,
39. පතල් කර්මාන්තය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'සන්නම්' යනු,
40. පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න.
"පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තිය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම රැකියා අංශයට පිළියමක් ලෙසත් බලපෑවේ ය. මෙය හුදු අත්කම් ඉගැන්වීමක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලීභාවය අවදි කිරීමක් විය."
ඔබගේ අදහස් හෝ ඔබට ඇතිවන ගැටලු 076 – 44 78 365 අංකයට WhatsApp පණිවිඩයකින් යොමු
කරන්න.